ශ්‍රි ලංකාවේ 3 වන රාජධානිය වු දඹදෙණිය රාජධානිය තුල පිහිටි අලව්ව ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය වසර 70 ක පමණ අතීතයක් දක්වා දිවයයි. අලව්ව ගම්කාර්ය සභාව 1935 වර්ෂයේ ආරම්භ වු අතර 1971 දී දඹදෙණිය ආසනය තුල අලව්ව සුළු නගර සභාව හා අලව්ව ගම්සභාව වශයෙන් සභා 2 ක් සංස්ථාපනය විය.
1977 දී සභා විසිරුවා හැර විශේෂ කොමසාරිස් පාලනයක් යටතේ පාලන නිලධාරීවරයෙකු විසින් පාලනය කල අතර මෙම පාලන රටාව 1983 වර්ෂය තෙක් පැවතුණි. 1983 අංක 13 දරණ සංවර්ධන සභා පනත ක්‍රියාත්මක කිරීමත් සමග සංවර්ධන සභා පිහිටුවීම නිසා 1983 සිට කුරුණෑගල සංවර්ධන සභාව යටතේ පාලනය විය. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් ප්‍රාදේශීය සභාවක් ලෙසට 1987 දී අලව්ව ප්‍රාදේශීය සභාව නාරම්මල නගරයේ සංස්ථාපනය විය.
ඒ අනුව අලව්ව ප්‍රාදේශීය සභාව යටතේ අලව්ව නාගරික උප කාර්යාලය, දඹදෙණිය උප කාර්යාලය, මහරච්චිමුල්ල උප කාර්යාලය, කැප්පිටිවලාන උප කාර්යාලය, හා අඹගම්මන උප කාර්යාලය වශයෙන් උප කාර්යාල 05 ක් යටතේ පවත්වාගෙන ගිය අතර එම උප කාර්යාල නාරම්මල පිහිටි අලව්ව ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය යටතේ පාලනය විය.
මේ වන තෙක් අලව්ව හා නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහාම පැවති අලව්ව ප්‍රාදේශීය සභාව 2011.04.01 දින සිට අලව්ව සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක වෙන්වන පරිදි අලව්ව හා නාරම්මල වශයෙන් ප්‍රාදේශීය සභා 2 ක් ලෙස විබද්ධ විය. ඒ අනුව 2011.04.01 දින සිට අලව්ව ප්‍රාදේශීය සභාව එතෙක් අලව්ව නාගරික උප කාර්යාලය පවත්වාගෙන ගිය උප කාර්යාලය භූමියේ ස්ථාපනය විය. ඒ අනුව මහරච්චිමුල්ල හා බෝයවලාන කැප්පිටිවලාන උප කාර්යාල දෙක අලව්ව ප්‍රාදේශීය සභාව යටතට අයත් විය.
2011 පළාත් පාලන මැතිවරණයෙන් අලව්ව ප්‍රාදේශීය සභාව සඳහා ගරු මහජන නියෝජිතයින් 13 දෙනෙක් තේරී පත් වූ අතර අලව්ව ප්‍රාදේශිය සභාවේ පළමු සභාවේ සභාපතිවරයා ලෙස එම්.එම් සන්ධ්‍යා කුමාර මැතිතුමා ද, උප සභාපතිවරයා ලෙස රෝහණ බස්නායක මැතිතුමා ද තේරීපත් විය.
2018 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට කොට්ඨාශ ක්‍රමයට ගරු මහජන නියෝජිතයින් තේරී පත් වූ අතර ඒ අනුව 2018.03.27 දිනෙන් ආරම්භ වූ දෙවන සභා ධුර කාලය සභිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත විය. එහි සභාපතිවරයා ලෙස එම්.එම්. සන්ධ්‍යා කුමාර මැතිතුමා පත් වූ අතර උප සභාපතිවරයා ලෙස පත්වූයේ ධර්මරත්න හේරත් මැතිතුමාය.
2018.03.27 දින සිට අලව්ව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන් වශයෙන් කටයුතු කළ එම්.එම්. සන්ධ්‍යා කුමාර මැතිතුමා නොසිතූ විරූ ලෙස 2021.07.11 වන දින හදිසියේ අභාවප්‍රාප්ත විය. ඒ අනුව ගරු උප සභාපති ලෙස කටයුතු කළ ධර්මරත්න හේරත් මැතිතුමා වැඩ බලන සභාපති ලෙස කටයුතු කල අතර පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා 2021.10.29 වන දින සිට පද්මා වෑත්තෑව මැතිණිය පත් විය. එතුමිය 2023.03.19 දින තෙක් අලව්ව ප්‍රාදේශීය සභාවේ විධායකය හෙබවීය. පාලන කාලසීමාව අවසන් වීම හේතුවෙන් සියළුම ජනතා නියෝජිතයින් 2023.03.20 දින විසිරවීමෙන් පසු සියළුම ප්‍රාදේශීය සභා විශේෂ කොමසාරිස් පාලනයක් යටතේ පාලනය විය.
ඒ අනුව 2023.03.20 දින සිට අලව්ව ප්‍රාදේශීය සභාවේ ලේකම්, බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කරවීමේ නිලධාරී වශයෙන් පළාත් පාලන ක්ෂේත්රයේ ඉතාමත් පළපුරුදු ලේකම්තුමියක් වන ජේ.ඒ.එස්. ජයසිංහ මහත්මිය කටයුතු කල අතර අත්‍යාවශ්‍ය කරුණක් මත 2023.06.20 දින සිට එතුමියට පන්නල ප්‍රාදේශීය සභාව වෙත ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් 2023.06.20 දින සිට රාජ්‍ය සේවයේ දක්ෂ නිලධාරියෙකු වන ජේ.එම්.පී. ජයසේකර මහතා එම තනතුර හෙබවීය.
අනතුරුව අත්‍යාවශ්‍ය කරුණක් මත 2024.00.00 දින ජේ.එම්.පී. ජයසේකර මහතාට මහව ප්‍රාදේශීය සභාව වෙත ලැබුණු ස්ථාන මාරුවීම හේතුවෙන් 2024.00.00 දින සිට මේ දක්වා අලව්ව ප්‍රාදේශීය සභාවේ ලේකම්, බලතල කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කරවීමේ නිලධාරී වශයෙන් එම්.පී.සී. රේණුකා මිය කටයුතු කරනු ලබයි.