අපගේ සේවාවන්
“අලව්ව ප්‍රදේශයට විශිෂ්ඨ සේවාවන් ලබා දීමට සහ ප්‍රජා සංවර්ධනය සඳහා අපි කැපවී සිටින්නෙමු.”
ඩිජිටල් අලව්ව
“GIS තාක්ෂණයෙන් සවිබල ගන්වමින් ඩිජිටල් නවෝත්පාදනයන් හරහා අලව්ව නගරය සංවර්ධනය කිරීම.”
ලේඛන
“වැදගත් ලිපි ලේඛන පරිහරණය හා බාගත කිරීම් සඳහා මෙතැනින් ප්‍රවේශ වන්න.”
අපගේ මාර්ගගත ගෙවීම් පද්ධතිය දැන් විවෘතයි.
අප ගැන
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අලව්ව බල ප්‍රදේශය කුරුණෑගල නගරයට ගිනිකොන දෙසින් ආසන්න වශයෙන් උතුරු අක්ෂාංශ 7.2841 හි සහ නැගෙනහිර දේශාංශ 80.2234 හි පිහිටා ඇත.
ශ්‍රි ලංකාවේ 3 වන රාජධානිය වු දඹදෙණිය රාජධානිය තුල පිහිටි අලව්ව ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය වසර 70 ක පමණ අතීතයක් දක්වා දිවයයි. අලව්ව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොට්ඨාශ 15 කින් සහ ග්‍රාම නිලධාරී වසම් 66 කින් සමන්විත වේ.
අපගේ දැක්ම හා මෙහෙවර

දැක්ම
ජන සහභාගීත්වය තුලින් සෞභාග්‍යමත් පුරවරයක්

මෙහෙවර
අලව්ව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවාසීන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ජන සහභාගීත්වයෙන් සෞඛ්‍ය සංරක්ෂණය, මංමාවත්, පොදු උපයෝගීතා හා සුභ සාධක සේවාවන් සලසමින් ජනතාවගේ ආර්ථික සමාජීය සංවර්ධනය හා සුඛ විහරණය ඇති කිරීමටත් එම සේවා පහසුකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, විධිමත් කිරීම හා පරිපාලනය කිරීමත්, සත්‍යගරුකභාවය හා විශ්වාසනීයත්වය තහවුරු වන අයුරින් එම කටයුතු ඉටු කිරීම අපගේ මෙහෙවර වේ.
අපගේ අංශ
ගිණුම් අංශය
ආයතනයේ ආදායම් වියදම් සංසන්දනය කරමින් මූල්‍යමය කටයුතු සිදු කිරීම, විගණන කටයුතු ඉටුකිරීම, ප්‍රසම්පාදනය
ආදායම් අංශය
ක්‍රීඩා පිටි, ප්‍රජා ශාලා කුලියට දීම, වරිපනම් හා වෙනත් බදු එකතු කිරීම
ප්‍රජා සංවර්ධන අංශය
සමාජ සුබසාධන වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් හරහා ප්‍රජාව සවිබල ගැන්වීමේ කටයුතු
තාක්ෂණ අංශය
ඉදිකිරීම්, සංවර්ධන ව්‍යාපෘති, සහ තාක්ෂණික නවෝත්පාදන හරහා ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
අපගේ පරිපාලන කාර්ය මණ්ඩලය

එම්.පී.සී. රේණුකා
ලේකම්
037 2278175

බී.ආර්.ඒ.කේ. ගුණසේන
ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී
037 2278175
දැන්වීම් හා නිවේදන
අප හා සම්බන්ධ වන්න
” ඔබට පවතින ඕනෑම ගැටළුවක් සඳහා අප හා සම්බන්ධ වන්න. අපි ඔබට සහාය වීමට කැපවී සිටින්නෙමු!”