ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය

ඝණ අපද්‍රව්‍ය  කළමනාකරණ මධ්‍යස්ථානය – අලව්ව

අලව්ව ගිරිඋල්ල මාර්ගයේ, අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් දිවෙන දවටගොල්ල කනත්ත මාර්ගය (NWP ALP B9 / 10) අවසානයට පැමිණි විට අලව්ව ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට ළඟා විය හැකිය. මෙහි අද වනවිට සේවකයින් 10 දෙනෙකු සේවයේ යෙදෙන අතර පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 වන තෙක් විවෘතව පවතී. ප්‍රදේශයේ එක්රැස් කරනු ලබන කසළ නිසි ලෙස වෙන් කරමින් කසළ අපහරණ කටයුතු හා කොම්පෝස්ට් නිශ්පාදන කටයුතු මෙහිදී සිදු කරයි. මෙහි නිශ්පාදනය කරනු ලබන ගුණාත්මක කොම්පෝස්ට් පොහොර 1kg ක් රු. 15 ක් වැනි සාධාරණ මුදලකට පහත ස්ථාන වලින් මිලදී ගත හැකිය.

ඝණ අපද්‍රව්‍ය  කළමනාකරණ මධ්‍යස්ථානය – අලව්ව

සඳුදා සිට සිකුරාදා තෙක් පෙ.ව. 08.00 – ප.ව. 04.00 අතර අලව්ව ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ මුදල් ගෙවා රිසිට් පතක් ලබාගැනීමෙන් අනතුරුව ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

කොම්පෝස්ට් අලෙවි කුටිය – අලව්ව බස් නැවතුම්පල

අලව්ව බස් නැවතුම්පලෙහි පිහිටි කොම්පොස්ට් අලෙවි කුටිය මගින් එම ස්ථානයේදීම මුදල් ගෙවා ලබාගැනීමට හැකියාව ඇත.

කාර්ය මණ්ඩලය

සංඛ්‍යාලේඛන

විස්තරයසංඛ්‍යාව /ප්‍රමාණය / මුදල
2023 වර්ෂයේ අයවූ කසළ බදු ප්‍රමාණයරු. 169,000.00
2023 වර්ෂයේ කසළ කලමණාකරණ වියදමරු. 18,629,614.35
කසළ කලමණාකරණයේදී ආවරණය වන කලාප15
කසළ කලමණාකරණයේදී ආවරණය වන ග්‍රාම නිලධාරී වසම්24
දෛනිකව එකතු වන මුළු කසළ ප්‍රමාණයටොන් 5
දෛනිකව රථ වාහන ධාවනය වන දුරකම්පැක්ටරය – 15km
අත් ට්‍රැක්ටරය – 08km
ට්‍රැක්ටරය 01 – 08km
ට්‍රැක්ටරය 02 – 20km
මාසිකව එකතු කරනු ලබන කසළ ප්‍රමාණයපොලිතීන් – 30,000kg
වීදුරු – 1,500kg
ප්ලාස්ටික් – 800kg
යකඩ – 200kg
2023 වර්ෂයේ කොම්පෝස්ට් නිෂ්පාදනයටොන් 34.43
2023 වර්ෂයේ කොම්පෝස්ට් අලෙවියෙන් ලද ආදායමරු. 476,475.00